Tuesday, May 7, 2024

General line - 0115112241

හුදකලා කර ඇති මාතලේ නගරයේ මාර්ග බාධ‍කයේ සිටි උප පොලිස් පරික්ෂකවරයෙකු අනතුරට




හුදකලා කර ඇති මාතලේ නගරයේ සිට අලවතුගොඩ නගරයට ඇතුලුවන ප්‍රධාන මාර්ග බාධ‍කයේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරික්ෂකවරයෙකු එම මාර්ග බාධකයේදි  ඊයේ (11) රාත්‍රියේ සිදු වු රිය අනතුරකින් තුවාල ලබා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවාසනවා.

මාතලේ නගරයේ සිට අලවතුගොඩ නගරයට ඇතුළු වීමට ඇති ප්‍රධාන මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා අනතුරට ලක් කරමින් රිය ධාවනය කළ පුද්ගලයා ඇත්අඩංගුවට ගත් බවද පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු අකුරණ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්, අදාළ රියදුරු අණ නොතකා රිය ධාවනය කර ඇති බව පොලිස් පරික්ෂණවලදි ආනාවරණය වී තිබෙනවා.

අනතුරට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා මාතලේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු උකුවෙල ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියෙකු බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.