Tuesday, May 7, 2024

General line - 0115112241

සයිනොෆාම් එන්නත ඊයේ දිනයේදී 50,493 දෙනෙකුට




සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ඊයේ දිනයේදී පමණක් මෙරට පුද්ගලයින් 50,493 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව ඊයේ දිනය නිමා වනවිට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට පුද්ගලයින් 71,203 දෙනෙකුට සයිනොෆාම් එන්නත ලබාදී ඇති බවයි එම ඒකකය සදහන් කළේ.

ඊයේ දිනය තුළ ස්පුට්නික් එන්නත මෙරට පුද්ගලයින් 5,460 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව එම එන්නත ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන 11,337 ක් වන බවද වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයක සදහන්.

ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනය වනවිට පුද්ගලයින් දෙලක්‍ෂ 21,368 දෙනෙකුට ලබාදී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.