Tuesday, May 21, 2024

General line - 0115112241

ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්




පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග කුකුළේගඟ සහ කුඩාගඟ් ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්වරුවේ නිකුත් කෙරුණු නිවේදනයට අනුව මිල්ලකන්ද ජල මිනුම් ස්ථානය දැක්වුණේ සුළු ගංවතුර මට්ටමකයි. මීට හේතු වී ඇත්තේ කළුගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ගංගා ධාර ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ අධික වර්ෂාවක් ඇදහැලීමයි. 

ඒ අනුව බුලත්සිංහල, පාරින්ද නුවර, මිල්ලනිය, හොරණ, දොඩන්ගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා ගඟ, කළුගඟ, ගංවතුර නිම්නයට අයත් පහත්බිම් ප්‍රදේශවල ජනතාව අද රාත්‍රියේ හා හෙට දිනයේ ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් වැඩි අවදානයකින් පසුවිය යුතු බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.