Tuesday, May 21, 2024

General line - 0115112241

හෙට සිට පාරට ඒමට හැකි පිරිස ගැන පැහැදිලි කිරීමක්




අද රාත්‍රී 11 සිට 17 වන සඳුදා අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවා ඇතත්, ආහාර ද්‍රව්‍ය, පිසූ ආහාර මෙන්ම ඖෂධ ඩිලිවරි සේවා ඔස්සේ ජනතාව වෙත ලබාදීමට පහසුකම් සලසා ඇතැයි පොලීසිය පවසනවා. අද රාත්‍රී 11 සිට පනවන සංචරණ සීමා සම්බන්ධයෙන් විවිධ වාර්තා පළවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අදාළ දින 03 හි කටයුතු පිළිබඳ අද පස්වරුවේ පැහැදිළි කළා. 

බොහෝ දෙනෙකු ප්‍රශ්න කළේ එළවළු, පළතුරු, මාළු වැනි කල්තබා ගැනීම අපහසු ආහාර ද්‍රව්‍ය අදාළ කාලය තුළ අලෙවි කිරීම සිදුකළ නොහැකි ද යන්න පිළිබඳවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මැනිං වෙළඳපල හා ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත වන බවයි. 

ආහාර නිෂ්පාදන සහ සත්ත්ව ගොවිපල මෙන්ම කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම ද අදාළ දින 03 තුල තහනම්ද? 

14, 15 සහ 16 යන දිනවල විවාහ මංගල ලියාපදිංචියට සැලසුම් කර තිබුණේ නම්, ඔවුන් අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස පැහැදිළි කළා. 

කිසිඳු කුලී රථයකට ද අදාළ දින 03 තුළ ධාවනයට ද අවසර හිමිවන්නේ නැහැ. එසේනම්, හදිසි රෝගියෙකු රෝහල්ගත කිරීමට සිදුවුවහොත් ඒ සඳහා අවසර නොමැතිද? 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා සහභාගී වන ජනතාව ඒ බව තහවුරු කිරීම අනිවාර්යය බවයි. එවැනි පුද්ගලයින් සංචරණයේදී ඊට අදාළ ලේඛණ තමන් සතු විය යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

අද රාත්‍රී 11 සිට 17 වන සඳුදා අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවන බව ප්‍රකාශ කළ ද එහිදී ක්‍රියාත්මක වන කොන්දේසි සහ රෙගුලාසි නිල වශයෙන් පැහැදිලි කෙරුණේ අද දිනයේදීයි. සියලු කඩසාප්පු වසා දමන බවට ප්‍රකාශ වූයේද අද පෙරවරුවේයි. ඒ අනුව බොහෝ ප්‍රදේශවල ජනතාව ඉදිරි දින 03 සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට වෙළඳසැල් වෙත එක්රැස්වී සිටින ආකාරය දැකගත හැකි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

ඉදිරි දින 03 හි අත්‍යවශ්‍ය කටයුත්තකට හැර වෙනත් කිසිඳු කටයුත්තකට නිවසින් බැහැරට යාම තහනම් කරමින් සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුලද, මේවනවිට විවිධ ප්‍රචාර පළ වනවා.