Wednesday, May 15, 2024

General line - 0115112241

වැස්ස අඩු නොවෙයි - ජනතාවට සහ ධීවරයින්ට අනතුරු ඇගවීම්




පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඔවුන් අවධාරණය කරන්නේ දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බවයි. නැවත දැනුම්දෙන තුරු කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

පවතින කාලගුණික තත්ත්වයට හේතු වී ඇත්තේ ගිනිකොණදිග අරාබි මුහුද ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමයි. එය ඉදිරි පැය 12 තුළ ගැඹූරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉන්දියාවේ ගුජරාට් සහ පකිස්තාන වෙරළට ඇතුළු වනු ඇතැයි අපේක්ෂිතයි. 

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැලුනු වර්ෂාවේ අඩුවක් දක්නට ලැබුණද, ගංගාවල ජල මට්ටම ඉහළ යාම හා පහත් බිම් ජලයෙන් යටවීම තවදුරටත් දක්නට ලැබෙන බවයි. 

කැලණිගග, කලුගඟ, ගිං ගග හා නිල්වලා ගග මෙන්ම මා ඔය සහ අත්තනගලු ඔය මේවනවිට ඇත්තේ ගංවතුර අවදානමකයි.