Wednesday, May 15, 2024

General line - 0115112241

බොහෝ ප්‍රදේශ පාලුවෙයි - පිරිසක් සීමාවලින් රිංගයි




දිවයිනටම සංචරණ සීමා පැනවීමත් සමග බොහෝ ප්‍රදේශ අද පාලු ස්වභාවයක් ගෙන තිබුණා. මහා මාර්ගවල ධාවනය වූයේ අත්‍යවශ්‍ය සේවාවලට අයත් රථවාහන පමණයි. ඊයේ රාත්‍රී 11 සිට සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දිවයින පුරා විසිරී සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් සොයා බැලීමක් සිදුකළා.

මේ, කළුතර දිස්ත්‍රික්කයේ තත්ත්වය පිළබඳ වාර්තාවක් ගෙන එන නෙත් මාණ්ඩලික වාර්තාකරු සමන්ත කුමාර. 

මේ, මාතර තත්ත්වය පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ. 

කෙසේවෙතත්, ඇතැම් ප්‍රදේශවල ජනතාව මෙම සංචරණ සීමා උල්ලංඝණය කරන ආකාරය ද දැකගත හැකි වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ. මේ, එහි සභාපති උපුල් රෝහණ. 

කෙසේවෙතත්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ ප්‍රධාන මාර්ග පමණක් නොව අතුරු මාර්ග සහ වතු ආශ්‍රිත තත්ත්වයන් ද පොලීසිය නිරීක්ෂණය කරමින් සිටින බවයි.