Wednesday, May 15, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිත මරණ 29ක් හා ආසාදිතයින් 2289ක් වාර්තා වෙයි




දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන පරිදි අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 29ක් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 921ක් ලෙස ඉහළ ගොස් ඇත.

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 2,289 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 138,085ක්  වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 110,108ක් වනවා.

ඒ අනුව මෙරට සක්‍රියව පවතින කොවිඩ් ආසාදිතයින් ගණන 27,054ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.