Wednesday, May 15, 2024

General line - 0115112241

තොග වෙළදුන්ට කොළඹට එන්න හෙට අවසර




පිටකොටුවේ තොග වෙළදපොලෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෙට දිනයේ දිවයිනේ සියලු තොග වෙළදුන්ට අවසර ලබා දෙන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. තමන්ට අදාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර පත්‍රයක් ලබා ගෙන තොග වෙළදුන්ට කොළඹට පැමිණිය හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර පෑලියගොඩ මැනිං වෙළඳපලට අද දිනයේ වෙළදාම් සිදු කරන ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් කළා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සීමාසහිත සමස්ථ ලංකා ඒකාබද්ධ ආර්ථීක මධ්‍යස්ථාන හා මැනිං වෙළද සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ සැලකිය යුතු ලෙස මත්ස්‍ය තොග වෙළදාම සිදු වූ බවයි එහි ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පැවසුවේ.