Wednesday, May 15, 2024

General line - 0115112241

ජල ගැලීම් නිරීක්ෂණයට ගුවන් හමුදාවේ විශේෂ යානා




දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 07ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 61ට අයත් පවුල් 11,074කට අයත් පුද්ගලයින් 42,252 නෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකුද ජිවිතක්ෂයට පත් වූ බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ. 

මේ අතර කැලණි, කලු, ගිං, නිල්වලා යන ගංඟා සහ අත්තනගලු ඔයේ පහළ ප්‍රදේශ තවදුරටත් ඟංවතුර තත්ත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි  ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස් පී. සී. සුගීෂ්වර.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස් පී. සී. සුගීෂ්වර.

මේ අතර ජල ගැලීම් තත්ත්වයන් නීරීක්ෂණය සහ හදිස් ආපදා තත්ත්වයකදී මුදා ගැනීමේ කටයුතු සඳහා විශේෂ ගුවන් යානා කිහිපයක් යොදවා ඇති බව ගුවන් හමුදාව පවසනවා. ඒ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශණ පතිරණගේ උපදෙස් මතයි. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල එම කටයුතු සඳහා එම් ඒ 60 සහ වයි 12 වර්ගයේ ගුවන් යානා 02ක් යොදවා තිබෙනවා. ඊට අමරතව ජල ගැලීම් තත්ත්වයන් නිරික්ෂණය සඳහා බීච් ක්‍රාෆ්ට් යානයක්ද විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා 03ක්ද සුදානම් කර ඇති බවයි ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.