Wednesday, May 15, 2024

General line - 0115112241

පාස්කු විමර්ශන ගැන නීතිපතිගෙන් ජනතාවට දැනුම්දීමක්




පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව සිය ධූර කාලය නිම වීමට පෙර චෝදනා ගොනු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා ජනතාවට දැනුම් දෙනවා.  නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් නොවීම ඊට හේතුව බව නිතිපතිවරයා පෙන්වා දී ඇති බවයි.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පිටු 130කින් යුත් වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යවා තිබුණා. පාස්කු ප්‍රහාරයට අදාලව අත්අඩංගුවට ගෙන සිටින ඒ ඛාණ්ඩයේ සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසට එමඟින් පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. තවත් පස් දෙනෙකු පිළිබඳ පරික්ෂණ අසම්පූර්ණ බවද එම ලිපියේ සඳහන් කර තිබූ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කළේ.