Friday, May 17, 2024

General line - 0115112241

ආපදාවලින් හානියට පත් නිවාස සඳහා අද සිට වන්දි




ඉකුත් දිනවල පැවති අයහපත් කාලගුණයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මක කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ අයහපත් කාලගුණයෙන් නිවාස 549කට හානි සිදුව ඇති බවයි. නිවාස 03කට පූර්ණ හානිද තවත් නිවාස 546කට අර්ධ හානිද සිදුව ඇති බව ඔහු සඳහන් කළා.

පැවති අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 42,252ක් වනවා. එම පිරිස දිස්ත්‍රික්ක 07 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 61 කින් වාර්තා වු බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර දිවයිනේ ආපදාවට ලක්වන දිස්ත්‍රික්ක 12ක් මේ වන විට හදුනාගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් මට්ටමින් සහන මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසුවා. ඉකුත් දින කිහිපයේ දිවයිනේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 42,252 නෙකු පීඩාවට පත්වුණා. ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය එම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පෙර සිටම නිසි වැඩපිළිවෙලක් සකස් කළ තිබූ බවයි ඔහු සඳහන් කළේ.