Friday, May 17, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් 2386ක් සහ මරණ 20ක් ඊයේ දිනයේදී වාර්තා වෙයි




තවත් කොරෝනා ආසාදිතයින් 2,386 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්ත වුණා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද එක් 140,000 සීමාව ඉක්මවා ගියා. කෙසේවෙතත් ඉන් තවදුරටත් රෝහලගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 24,701 දෙනෙක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 20ක් මෙරටින් වාර්තා වුණා. ඒ අතර කාන්තාවන් 09 දෙනෙකු වන බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.