Friday, May 17, 2024

General line - 0115112241

නීතිපතිගේ ප්‍රකාශය ගැන ඇමති වීරසේකර CIDයෙන් වාර්තාවක් කැඳවයි




පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන අසම්පූර්ණ බවට නීතිපතිවරයා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්්‍ය සරත් වීරසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව සිය ධූර කාලය නිම වීමට පෙර චෝදනා ගොනු කිරීමට තමන්ට හැකියාවක් නොලැබෙන බවයි නීතිපති දප්පුල ද ලිවේරා ඊයේ ජනතාවට දැනුම් දුන්නේ.  

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් නොවීම ඊට හේතුවෙන්. ඒ පිළිබඳව තමන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවූ බවයි මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ආචාර්්‍ය සරත් වීරසේකර සදහන් කලේ. 

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පිටු 130කින් යුත් වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යවා තිබුණා. පාස්කු ප්‍රහාරයට අදාලව අත්අඩංගුවට ගෙන සිටින ඒ ඛාණ්ඩයේ සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසටයි එමඟින් පොලිස්පතිවරයාට දන්වා තිබුනේ. තවත් පස් දෙනෙකු පිළිබඳ පරික්ෂණ අසම්පූර්ණ බවද එම ලිපියේ සඳහන් කර තිබූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළා.