Friday, May 17, 2024

General line - 0115112241

හෙට අළුයම සංචරණ සීමා ඉවත් කළද හැදුනුම්පත් අංක ක්‍රමය 31 තෙක්




සති අන්තයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ සංචරණ සීමා හෙට අළුයම 04ට ඉවත් කෙරෙනවා. කෙසේවෙතත් හෙට අළුයම 04ට සංචරණ සීමා ඉවත් කෙරුණද ලබන 31වනදා තෙක් දෛනිකව රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනෙවෙන බවයි පොලිසිය සඳහන් කළේ. හැදුනුම්පත් අංක ක්‍රමයට අනුව හෙට දිනයේ නිවසින් පිටවීමට අවස්ථාව හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය 1, 3, 5, 7 සහ 9 හිමි පුද්ගලයින්ටයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 306 දෙනෙකු ගතවූ පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාතට ඇතුලු වන සහ පිට වන ස්ථාන 12 කදී ඊයේ දිනයේදී පොලීසිය සහ යුධ හමුදාව වාහන 1,826 ක් පරීක්ෂාවට ලක් කළා. එහිදී රථවාහන 42 කින් පැමිණි පුද්ගලයින් 92 කට ආසන්න පිරිසක් පළාත් මායිම් අසලදී ආපසු හරවා යැවුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.