Friday, May 17, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිත සිව්වන ගැබිණි කාන්තා මරණය වාර්තා වෙයි 




කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ සිව්වන ගර්භණී කාන්තා මරණය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් වාර්තා වී ඇති බව වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තිස්සමහාරාම, යායගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක්.

සිය 03 වන දරු ප්‍රසුතිය සඳහා සුදානම් වෙමින් සිටි ඇය මියයන විට අටමස් ගැබිනියක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු මෙම කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති අතර පසුව සිදුකළ පරීක්ෂණ වලදී ඇයගේ ස්වාමිපුරුෂයාටද වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

එම සාදයට සහභාගිවී සිටි පුද්ගලයින් 17 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පරීක්ෂණ වලදී හෙළිවී තිබෙනවා.

පළමුව දෙබරවැව රෝහලට අතුලත් කර ඇති එම කාන්තාව පසුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුලත් කර සිට ඇති අතර ඇතිවූ සංකුලතා හේතුවෙන් ඊයේ මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.