Friday, May 17, 2024

General line - 0115112241

ලක්සල සහ සළුසල සභාපති කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වෙයි




ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේය.

ඔහු ලංකා පුවත් ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ ඒ මහතා ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්, රජයේ වානිජ නීතිගත සංස්ථාවේ සභාපති, ප්‍රමිති ආයතනයේ සභාපති, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආදී තනතුරු ද හොබවා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ ඒ මහතා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස මෙන්ම හිටපු ඇමති ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී සහ මහරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙසද කටයුතු කළේය.

ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.