Wednesday, May 15, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණයට නම් තුන් දෙනෙකු ඉල්ලා අස්වෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ තිදෙනෙකු එම නිලවරණයෙන් ඉවත් වී තිබෙනවා. එලෙස ක්‍රිකට් නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ සභාපති ධූරය සඳහා නාමයෝජනා භාර දී තිබූ කේ මතිවානන් උප සභාපති ධූරය සඳහා නාම යෝජනා භාර දී තිබූ බන්දුල වර්ණපුර සහ ලේකම් ධූරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ නිශාන්ත රණතුංගයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව වෙත ලිපියක් නිකුත් කරමින් ඔවුන් සිය ස්ථාවරය දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මේ මස 20වනදා පැවැත්වීමට නියමිතයි.