Tuesday, May 14, 2024

General line - 0115112241

නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන්හි පිරිසකටද උසස්වීම්




යුද ජයග්‍රහණයට වසර 12 ක් සපිරීම නිමිත්තෙන් නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන්හි පිරිසකටද උසස්වීම් ලබාදී තිබෙනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්නගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නාවික හමුදාවේ 1,968 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

උසස්වීම් ලැබූ පිරිසට නිලධාරීන් 64 දෙනෙකුට සහ සෙසු නිලයන්හි නාවිකයන් 1,904 දෙනෙකුද අයත්.

ඒ, අනුව කපිතාන් නිලයට නිළධාරීන් 04 දෙනෙක්, කොමාන්ඩර් නිලයට නිලධාරීන් 11 දෙනෙක්, ලුතිනන් කොමාන්ඩර් නිලයට නිලධාරීන් 27 දෙනෙක්, ලුතිනන් නිලයට එක් නිලධාරියෙක් සහ මාධ්‍ය නිලධාරී ලෙස නිලධාරීන් 21 දෙනෙකු උසස්වීම් ලැබූ පිරිසට අයත් බවයි නාවික හමුදාව සදහන් කළේ.

මේ අතර ගුවන් හමුදාවේ නිලධාරීන් 35 දෙනෙකුට ද උසස්වීම් ලබාදුන් බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ.

යුද ජයග්‍රහණයට වසර 12 ක් සපිරීම නිමිත්තෙන් යුද හමුදාවේ නිලධාරීන් 452 දෙදෙනෛකු සහ සෙසු නිලයන් 4,289 දෙනෙකු මීළග නිළයට උසස් කෙරුණා. ඒ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

මේ අතර 12 වන ජාතික රණවිරු සැමරුම් උළෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා.

රණවිරු සේවා අධිකාරිය සංවිධාන කරනු ලබන මෙම සැමරුම් උළෙල මෙවර පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේයි. එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි තිස් වසරක යුද්ධයේදී මව්බිම වෙනුවෙන් සිය ජීවිත පූජා කළ යුද හමුදාවේ 23,962 දෙනෙක්, නාවික හමුදාවේ 1,160 දෙනෙක්, ගුවන් හමුදාවේ 443 ක්, පොලිසියේ 2,598 ක් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 456 ක් ඇතුළු සමස්ත රණවිරුවන් එහිදී සිහිපත් කෙරෙනවා.