Tuesday, May 14, 2024

General line - 0115112241

ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමෙයි




නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පාලනය වන ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දමා තිබෙනවා.

වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමූ බවයි ළිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණවර්ධන පැවසුවේ.

ආසාදිත වෛද්‍යවරයාගේ ළගම ආශ්‍රිතයින් වූ එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ 16 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඩයගම ප්‍රාදේශීය රෝහල අවට පදිංචිකරුවන්ට ආගරපතන ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හැකි බවයි ළිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවේ.