Wednesday, May 15, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා 

රංජිත් රාජපක්ෂ 




ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් හට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට දික්ඔය මුලික රෝහලේදි අද (19) දින සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කර සිටිනවා.

මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රීවරයාට කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවිම නිසා ඔහු දික්ඔය මුලික රෝහලට අද දින පැමිණ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදු කරගෙන ඇත.

එම පරික්ෂාවේදි මන්ත්‍රීවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා මන්ත්‍රීවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනිම සදහා රෝහල් කාමරයක් වෙන් කරවාගෙන දික්ඔය මුලික රෝහලෙන් බැහැරව ගිය බවයි එම වෛද්‍යවරයා කියා සිටියේ.

මන්ත්‍රීවරයාගේ ළගම ආශ්‍රිතයින් ස්වයං නිරෝධානයට යොමු කිරිම සදහා ඔහු පදිංචි තලවකැලේ මඩකුඹුර ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරින් වෙත උපදෙස් ලබාදුන් බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.