Tuesday, May 14, 2024

General line - 0115112241

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය පාලනය නොකළොත් මහා ව්‍යසන තත්ත්වයක් - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි




රට තුළ ව්‍යාප්ත වන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය නොකළහොත් ඉදිරි සති තුනක පමණ කාලය ඇතුළත එය මහා ව්‍යවසන තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ අවදානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අනුගමනය කළයුතු සෞඛ්‍ය පිළිවෙත් පිළිබදව මෙහිදී යළි අවධාරණය කෙරුණා.