Wednesday, May 15, 2024

General line - 0115112241

කොළඹ වරාය නගරයේ රැකියාවලින් සියයට 75 ක් ශ්‍රී ලාංකිකයන්ට වෙන් කරන බව අගමැති කියයි




කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ රැකියා අවස්ථාවලින් සියයට 75 ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන් විය යුතු බවට වන සංශෝධනයක් වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ගෙන එන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

විපක්‍ෂය වෙනුවෙන් විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ සමගි ජනබලවේගය මෙම පනත් කෙටුම්පතට සංශෝධන 8 ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.