Wednesday, May 15, 2024

General line - 0115112241

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණ අතරින් හයක්ම නිවෙස් තුළ




කොරෝනා ආසාදිතව මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ මරණ 36 අතරින් 06 ක් ම නිවස තුල සිදු වූ මරණ බව තහවුරු කර තිබෙනවා.

එම මරණ සිදුව තිබුනේ මාතලේ, පේරාදෙණිය, බණ්ඩාරගම, ඉංගිරිය, ගිංතොට සහ හේනගම යන ප්‍රදේශ වලින්.

සිදු වූ මරණ අතර කාන්තා මරණ 02 ක්ද වාර්තා වනවා. ගිංතොට ප්‍රදේශයේදී මියගොස් ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙක්.

මරණ වලට හේතුව කොවිඩ් නිව්මෝනියාව, කොවිඩ් 19 ළය ආසාදන හා කොවිඩ් 19 පෙනහළු ආසාදන තත්ත්වයන්.

මෙම සියලු මරණ ඉකුත් 16, 17 සහ 18 යන දින වල සිදුව තිබෙනවා.

අහංගම ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙකු ගොන්නගහහේන රෝහලට ඇතුලත් කැන විට මියගොස් ඇති බවයි තහවුරු කර ඇත්තේ. එම මරණය සිදුව ඇත්තේ ඉකුත් 14 වනදායි.

ඔහුගේ මරණයට ද හේතුව කොවිඩ් නිව්මෝනියාව වනවා. ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 36 සමග මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,051 ක් දක්වා ඉහළ ගියා.

මේ දක්වා වාර්තා වූ පුද්ගල මරණ අතරින් 642 දෙදෙනෙකු පිරිමි පුද්ගලයින් වනවා. 409 දෙනෙකු කාන්තාවන්. ඉන් වැඩිම පිරිස වන සියයට 41 ට වැඩි පිරිසක් වයස අවුරුදු 61 ත් 75 ත් අතර වයස් කාණ්ඩයේ වනවා. සියයට 28 කට වැඩි පිරිසක් වයස අවුරුදු 76 ත් 90 ත් අතර වයස් කාණ්ඩයේ පසු වූවන්. වයස අවුරුදු 46 ත් 60 ත් අතර කාණ්ඩයෙන් සියයට 19 කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඉකුත් 12 වන බදාදා සිට මේ දක්වා, එනම් දින 08 ක් තුළ මෙරටින් කෙරෝනා මරණ 201 ක් වාර්තා වී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. ඉන් 70 ක්ම වාර්තා වී ඇත්තේ ඊයේ සහ පෙරේදා යන දින වලයි.

මෙරට පළමු කොරෝනා මරණය සිදු වූ 2020 වසරේ මාර්තු 29 වනදා සිට 2020 වසර පුරා මෙරටින් වාර්තා වී තිබුනේ කොරෝනා මරණ 204 ක් පමණයි. මේ වසරේ ජනවාරි පළමු වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා මරණ 400 ක් වාර්තා වුණා. ඉන් පසුව බිහි වූ අලුත් අවුරුදු පොකුරෙන් මේ දක්වා එනම් දින 35 කදී පුද්ගල මරණ 448 ක් සිදුව තිබීම කැපීපෙනෙන තත්ත්වයක් වනවා.