Wednesday, May 15, 2024

General line - 0115112241

දෛනික ආසාදිතයින් මෙන් තුන් ගුණයක් සමාජයේ




දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් පමණ ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය අංශ අද අනතුරු අගවා සිටියා. කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඳ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ සමාජයේ සිටින ආසාදිතයින්ගෙන් තවදුරටත් සමාජය තුළ වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින බවයි. 

මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන්ට නිකුත් කර ඇති චක්‍රලේඛය පිළිබඳ මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍යවරියගෙන් විමසීමක් කළා. 

සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ නිවේදනය කළේ රේඛීය අමාත්‍යංශය යටතේ හා පළාත් සභා සේවය යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින නිලධාරීන්, විවිධ කණ්ඩායම් වශයෙන් හා පුද්ගලිකව, නිවැරදි නොවන තොරතුරු මත පදනම්ව සෞඛ්‍ය තොරතුරු හා දත්ත ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි. එබැවින් රාජ්‍ය නිලධාරීන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් පවතින විධිවිධාන නොසලකා කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවටයි දැනුම් දෙන්නේ.