Tuesday, May 14, 2024

General line - 0115112241

දැන් වාර්තා වන්නේ මිට දින කිහිපයකට පෙර ආසාදිතයින් වූ පුද්ගලයින් - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්




දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මීට වඩා තවදුරටත් වැඩි විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ මේවනවිට දෛනිකව වාර්තා වන ආසාදිතයින් 3,000 ට වෛරසය ආසාදනය වී ඇත්තේ මීට දින කිහිපයකට පෙර බවයි. 

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ දිනයේ වාර්තා වූයේ නව ආසාදිතයින් 3,623 දෙනෙකු වාර්තා වීමත් සමගයි. දිනක් තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 3500 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව ද මෙය වූ අතර මරණ 36 ක් සමග දිනක සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ වාර්තා වුණා. 

ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ තවදුරටත් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ද ඉහළ යන බවයි. 

මේ අතර කොරෝනා මර්දනය සඳහා ලෝකයේ වෙනත් රටවල් භාවිත කරන ප්‍රතිකාර ක්‍රම අධ්‍යයනය කිරීම සඳහා නව කමිටුවක් ද පත් කර තිබෙනවා. 

ඒවා මෙරටට හඳුන්වා දීම පිළිබඳ සොයා බැලීම මෙහි අරමුණ බවයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ. 

විශේෂඥ වෛද්‍යවරුන් වන ආනන්ද විජේවික්‍රම, හසිත ද තිසේරා හා ප්‍රසන්න ගුණසේන එම කමිටුවේ සාමාජිකයින්.         
මේ අතර කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1,165 දෙනෙකු අද සුවය ලැබුවා. ඒ අනුව සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව එක්ලක්ෂ 23,532 ක්.