Tuesday, May 14, 2024

General line - 0115112241

චීන සරසවිවල අධ්‍යාපනය ලබන ලාංකික වෛද්‍ය ශිෂ්‍යයින්ටත් කොරෝනා එන්නත




චීන විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යයින් සඳහා සයිනොෆාම් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ලබන 25 වනදා දක්වා එම එන්නත්කරණය සිදුවනු ඇති.

මෙම වැඩසටහන පිළිබඳ සලකා පොලිස්පතිවරයා සියලු පොලිස් ප්‍රධානීන් දැනුවත් කර ඇත්තේ සංචරණ සීමා පනවා තිබුණ ද, එන්නත ලබා ගැනීම සඳහා එම සිසුන්ට අවසර ලබා දෙන ලෙසයි. එන්නත ලබා ගැනීම සඳහා බාධාවකින් තොරව පළාත් මායිම් හරහා හෝ යාමට හා ඒමට ඔවුන්ට අවස්ථාව ලබාදෙන ලෙසයි පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.