Wednesday, May 15, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිත මවක් බිහිකළ දරුවෙකුට රිජ්වේ රෝහලේ වෛද්‍යවරුන් සිදුකළ විශ්මිත සැත්කම




කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පවතින දැඩි අවදානම ද නොතකා සිය මෙහෙවර දිවි හිමියෙන් ඉටු කරන කණ්ඩායම් අතර වෛද්‍යවරුන් පෙරමුණේ සිටිනවා. ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමටත්, ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමටත්, ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ආරක්ෂා කර ගැනීමටත් වෛද්‍යවරුන් දරන්නේ අසීමිත වෙහෙසක්. 

පවතින තත්ත්වය හමුවේ ගර්භණී මව්වරුන් සිටින්නේ ද දැඩි අවදානමකයි. එවන් පසුබිමක වුවද, කොරෝනා ආසාදිත මවක් බිහිකළ දින 02 ක් වයසැති බිළිඳෙකුට අවදානම ද නොතකමින් සිදුකළ විශ්මිත සැත්කමක් පිළිබඳ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වනවා. මෙම වෛද්‍ය කණ්ඩායම එම සැත්කම සිදුකර ඇත්තේ ද බිළිඳාට කොරෝනා වෛරසය ආසාදිත දැයි තහවුරු කර ගැනීමක් පවා සිදුකර නොතිබූ පසුබිමකයි. 

ඒ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය එම් ආර් එස් එච් ඊ රණවක. ඔහු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් පැය 7 ක් පුරා මෙම සැත්කම සිදුකළේ බිළිඳාගේ ජීවිතය සුරක්ෂිත කිරීම අරමුණු කර ගනිමින්.