Tuesday, May 14, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු රෝහලෙන් පළා යයි 




නාගොඩ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ නේවාසිකව සිටි පුද්ගලයින් 06 දෙදෙනෙකු ඊයේ (20) රාත්‍රියේ රෝහලෙන් පැනගොස් ඇති බව එම රෝහල් වෛද්‍යවරයෙකු ප්‍රකාශ කර සිටිනවා. මෙලෙස පළා ගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අයවලුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නාගොඩ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ නේවාසිකව සිටි කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයන් තිදෙනෙකු මෙසේ පැනගොස් ඇත්තේ.

රෝහලේ බැම්මට ඉහළින් සවිකර තිබූ දැළද ඉවත් කර ඔවුන් මෙලෙස පලාගොස් තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.

රෝහලේ රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් පැන ගිය පිරිස කවුරුන් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් නාගොඩ රෝහල් පොලිසිය සහ බුද්ධි අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බවයි එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.