Tuesday, May 14, 2024

General line - 0115112241

ගතවූ සතියක කාලය තුලදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 19,000 ක් සහ මරණ 200 ක් !




ගතවූ සතියක කාලය තුලදී මෙරටින් ආසන්න වශයෙන් කොරෝනා ආසාදිතයින් 19,000 ක් සහ කොරෝනා මරණ 200 ක් වාර්තා වී තිබෙනවා.

ඉකුත් 14 වනදා සිට ඊයේ දිනය දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 18,890 ක්.

ඉන් දින 05 කදී ආසාදිතයින් 2,200 සීමාව ඉක්මවා ගිය අතර අඛණ්ඩ දින 02 කදී ආසාදිතයින් 3,400 සීමාව ඉක්මවා ගියා.

වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ ඉකුත් 19 වනදායි. එම සංඛ්‍යාව 3,623 ක්.

ඉකුත් සතියක කාලය සැසඳීමේදී මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 197 ක් වනවා.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වන 38 ක් වාර්තා වූයේ ඊයේ දිනයේදීයි. ගතවූ සතියේ දින 03 කදී මරණ 20 සීමාව ඉක්මවා ගිය අතර අඛණ්ඩව දින 03 කදී මරණ 30 සීමාව ඉක්මවා ගියා.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතරින් 24 දෙනෙකු අවුරුදු 71 ඉක්මවූවන්. 10 දෙනෙකු අවුරුදු 61 ත් 70 ත් අතර වයස් කාණ්ඩයේද, දෙදෙනෙකු 31 ත් 40 ත් අතර වයස් කාණ්ඩයේ ද පසුවනවා. මියගිය පිරිසෙන් 19 දෙනෙකු කාන්තාවන්.

ඉකුත් අප්‍රේල් මස 30 වනදා සිට මැයි 09 වනදා දක්වා දින 10 තුළ මෙරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 19,422 ක් හා මරණ 134 ක් පමණයි.

මැයි 10 වනදා සිට ඊයේ දිනය දක්වා දින 11 ක් තුළ ආසාදිතයින් 28,880 ක් සහ මරණ 288 ක් වාර්තා වී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.