Tuesday, May 14, 2024

General line - 0115112241

ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති නිදොස් කොට නිදහස්




ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.

ඒ, ගාල්ල ආසන්න මුහුදේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ විශාල තොගයක් තබාගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවයි.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වී ඇති බවයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ. 

ගාල්ල ආසන්න මුහුදේ නෞකාවක් තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි සහ ජීව උණ්ඩ තබාගැනීම තුළින් විත්තිකරුවන් දණ්ඩණීය වරදවල් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.