Thursday, May 16, 2024

General line - 0115112241

සති 02 ක් රට වහන්න - වෛද්‍යවරු ඉල්ලයි - ආණ්ඩුව බැහැ කියයි




දින 14 ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බවට වෛද්‍ය සංගම් 04 ක් අද ඉල්ලීමක් කළා. ඒ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව විසින්. 
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න පැවසුවේ දැනට පවතින තත්ත්වයට එකම විසඳුම සති 02 ක් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම බවයි. 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරිය සඳහන් කළේ සති 02 ක් රට වසා දැමීමෙන් පසුවද සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇති බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු පැවසුවේ ඉකුත් සතියේ දින කිහිපයක් පමණක් සංචරණ සීමා පැනවීමට ගත් තීරණයේ කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි. 

මේ අතර වෛද්‍යවරුන් දිගින් දිගටම රට වසා දමන ලෙසට කරන මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් නෙත් නිවුස් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ඍජුව ප්‍රශ්න කළා. 

මේ අතර අද පෙරවරුවේ පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධන බලකා රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අවධාරණය කර ඇත්තේ මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බවයි. ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමන් පසුබට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.