Thursday, May 16, 2024

General line - 0115112241

සංචරණ සීමා මැද ඩිලිවරි සේවා සහ මාළු විකිණීමට අවසර




අද රාත්‍රී 11 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනවා. එය ලබන 25 වනදා අලුයම 4 තෙක් ක්‍රියාත්මකයි. යළි එදිනම රාත්‍රී 11 සිට 28 වනදා අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වනවා. 

අදාළ කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි රජය පැවසුවේ. මේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ කිසියම් ප්‍රදේශයක ඩිලිවරි සේවා පවත්වාගෙන යන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කළ යුතු බවයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුටත් සඳහන් කළේ අත්‍යවශ්‍ය ඖෂධයක් වේ නම් ඒවා ලබා ගැනීම සඳහා ලගම පිහිටි ඔසුසලට යාමට ජනතාවට අවසර හිමිවන බවයි. 

තොග වශයෙන් එළවළු පළතුරු අලෙවි කිරීමට ආර්ථික මධ්‍යස්ථාන 07 ක් පමණක් 24 සහ 25 යන දිනවලත්, 27 සහ 28 යන දිනවලත් විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය පවසන්නේ. දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය එම ආර්ථික මධ්‍යස්ථානයි. 

මේ අතර අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීම හේතුවෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් නගර වෙත පැමිණ සිටි ආකාරය අද දිනයේ ප්‍රදේශ රැසකින් වාර්තා වුණා.