Tuesday, May 14, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු බංග්ලාදේශයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වෙයි




බංග්ලදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සදහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු අසමත් වී ඇති බව වාර්තා වනවා. බංග්ලාදේශ - ශ්‍රී ලංකා තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 23 වනදා ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි එම ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇත්තේ.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සදහා බංග්ලාදේශයේ දී පැවති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ මෙම ක්‍රීඩකයින් දෙදෙනාට එංගලන්ත තරග සංචාරය සදහා සහභාගී වීමේ අවස්ථාව ද මේ වන විට අවිනිශ්චිත වී ඇති බව වාර්තා වනවා. ඔවුන් දෙදෙනාට ඉදිරියේ දී යළිත් වරක් යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී ඉන් සමත් වීමට සිදු වනවා. එසේ වුවහොත් පමණක් එම ක්‍රීඩකයින්ට එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනු ඇති.

වාර්තා වන ආකාරයට මෙලෙස පරීක්ෂණයෙන් අසමත් වී ඇත්තේ ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් දෙදෙනායි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කල වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමයට ක්‍රිඩකයින් විරුද්ධ බවයි මේ වන විට වාර්තා වන්නේ.