Tuesday, May 14, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින ගැටුම අද




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිිකට් තරගාවලියේ පළමු තරගය මිර්පූර් හිදි අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ දහවල් 12 යි 30 ටයි. කුසල් ජනිත් නායකත්වය දරන පළමු එක්දින තරගාවලිය මෙය වන අතර නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙම තරගාවලියට එක්ව සිටිනවා.

අයි සී සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙනවා. 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් සුදුසුකම් ලබන්නේ සුපර් ලීග් තරගාවලියේ දක්වන දක්ෂතා අනුවයි. අයි සී සී සුපර් ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගාවලිය මෙය වන අතර මීට පෙර කොදෙව් කණ්ඩායම පැවති තරගාවලිය ශ්‍රී ලංකාව 3ට බින්දුවක් ලෙස පරාජයට පත් වුණා.

මේ අතර බංග්ලාදේශය මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත්ව නැහැ. දෙරට අතර මේ දක්වා එක්දින තරගාවලි 8ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි හයක ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ජය පරාජයෙන් තොරව එක්දින තරගාවලි දෙකක් නිමාවට පත්ව තිබෙනවා. දෙරට අතර මේ දක්වා එක්දින තරග 48ක් පවත්වා ඇති අතර ඉන් තරග 39 ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ තරග 07ක් පමණයි. මේ අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ අදහස් දැක්වු නායක කුසල් ජනිත් පෙරේරා. 

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 9 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය එම සටහනේ පසුවන්නේ 07වන ස්ථානයේයි.