Friday, May 17, 2024

General line - 0115112241

ඩයගම රජයේ සත්ව ගොවිපලේ සේවකයන් 37 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වෙයි

රංජිත් රාජපක්ෂ - හැටන් 




ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම රජයේ සත්ව ගොවිපලේ සේවකයින් 37 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (23) දින ලද PCR පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න පවසනවා.

එම සත්ව ගොවිපලේ සේවකයින් 06 දෙනෙකුට මිට ප්‍රථමව කොවිඩ්- 19 වෛරසය අසාදනය වි තිබු නිසා එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයින් 91 දෙනෙකුගෙන් සිදු කල PCR පරික්ෂණ වාර්තා අනුව 37 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

අසාදිතයන් 37 දෙනා අතර, එම සත්ව ගොවිපලට ආසන්නයේ පිහිටි එම ගොවිපලේ සේවය කරන ඩයගම සන්දිරිගම වතුයායේ පදිංචිකරුවන් සිව් දෙනෙකුද සිටින බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත එම සත්ව ගොවිපලේ දෛනික කටයුතු සදහා ඊට ආසන්නයේ තිබෙන වෙනත් ගොවිපොලවල් වල සේවකයන් එක් කර ගනිමින් සිදු කිරිමට එම සත්ව ගොවිපලේ පාලන අධිකාරිය කටයුතු කර ඇත.