Friday, May 17, 2024

General line - 0115112241

දෙවන PCR පරීක්ෂණයෙන් වාස් සහ ඉසුරු උදාන සමත්වෙයි 




ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය සැලසුම් කළ පරිදි අද පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඊයේ සිදු කළ පී සී ආර් පරීක්ෂණවලින් ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු සහ වේග පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මෙම තරගාවලිය අවදානමක පැවතියා.

කෙසේවෙතත් අද සිදු කළ පී සි ආර් පරීක්ෂණයේදී චමින්ද වාස්ට සහ ඉසුරු උදානට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි තහවුරු වී ඇත්තේ. යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දුට සිදු කළ දෙවන පරීක්ෂණයෙන් ද තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි.

ශිරාන් ප්‍රනාන්දු බංග්ලාදේශ සංචාරයට එක්වීමට පෙර මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. අද පෙරවරුවේ උද්ගතවූ තත්ත්වය පිළිබඳ නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිලවා.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පලමු ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12යි 30 ට ආරම්භ වීමට නියමිතයි.