Friday, May 17, 2024

General line - 0115112241

නිරෝධායන රීති කඩකරන්නන් සොයා පොලීිසියෙන් ඩ්‍රෝන මෙහෙයුමක්




දිවයිනටම පැනවූ සංචරණ සීමා අද දිනයේත් ක්‍රියාත්මකයි. ඒ අනුව අද දිනයේද පොලිස් මාර්ග බාධක මෙන්ම ජංගම මුර සංචාර රට පුරා ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස ආශ්‍රීත පුද්ගලයින් නිරෝධායන රීති උල්ලංඝණය කරන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා අද සිට ඩ්‍රෝන කැමරා යෙදවීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව මෙම මෙහෙයුම දියත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊයේ දිනයේදී නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 369 දෙනෙකු ද අත්අඩංගුවට බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.