Wednesday, May 15, 2024

General line - 0115112241

වයස අවුරුදු 103ක් වයසැති මවක් කොවිඩ් ආසාදිතව මියයයි 

ලලිත් චාමින්ද - ගාල්ල




වයස අවුරුදු 103ක් වයසැති එක් දරු මවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව රත්ගම හදිසි මරණ පරික්ෂක ඩි.එම්.ඒ  සාගරිකා නිල්මිණි සඳහන් කර සිටිනවා.

මෙම මව ගිණිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා. ඇය මිට මාස දෙකක පමණ කාලයක සිට රෝගි තත්වයෙන් සිට ඇති අතර දියර ආහාර පමණක් ගෙන ඇත. මිට දින දෙකකට පමණ පෙර මෙකි කාන්තාවට උණ රෝගය වැළදි ඇති අතර ඊයේ (22) දින නිවසේ දි මියගොස් ඇත. 

මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් කරණු ලැබු PCR පරික්ෂණයේ දි මෙකි මවට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (23) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි විසින් සිදුකරණු ලැබුවා. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වි ඇති බවට තින්දු කර තිබෙනවා.