Wednesday, May 15, 2024

General line - 0115112241

සංචරණ සීමා ලිහිල් කිරීම අත්‍යවශ්‍ය කාර්්‍යයන් සදහා පමණයි. - යුද හමුදාපති කියයි




දිවයින පුරා පැනවූ සංචරණ සිීමා තවදුරටත් ක්‍රියාත්මකයි. 25වන අගහරුවාදා අලුයම 04ට සංචරණ සීමා පැය කිහිපයකට ඉවත් කෙරෙන්නේ ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගැනීම සදහා අවස්ථාව ලබා දීමට පමණක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් සිදු නොවන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා. 

සංචරණ සීමා ලිහිල් කර ඇති කාලය තුළ  විවෘතව තැබීමට අවස්ථාව හිමි වන්නේ ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයන ආයතන පමණයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැර යා යුත්තේ එක් අයෙකු පමණක් බවද යුද හමුදාපතිවරයා සදහන් කළා. මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීමට සහ අත්‍යවශ්‍ය නොවන මහජන ඒකරාශීවීම් සදහා ඉඩ නොලැබෙන බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

මැයි 28 වන සිකුරාදා අලුයම 04 ට සංචරණ සීමා ලිහිල් කෙරුන ද මෙම නියමයන් එලෙසින්ම ක්‍රියාත්මකයි. 29 සහ තිස් වනදා යෙදී ඇති සති අන්තයේ සංචරණ සීමා පැනවීම පිළිබදච 27 වනදා තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු තීරණය කරන බවයි යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළේ.

මේ අතර ලබන 25වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට සමගාමිව අත්‍යවශ්‍ය සේවා පවත්වගෙන යාම සඳහා දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ගමනා ගමන ගාමිණි සෙනවිරත්න.