Sunday, May 19, 2024

General line - 0115112241

රත්නපුරට සහ නාවලපිටියට සුලු ගංවතුර තත්ත්වයක්




පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය සමග කළු ගගේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් රත්නපුර ප්‍රදේශයට සුලු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේද සුලු ගංවතුර තත්ත්වයක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කැළණි, ගිං, නිල්වලා, මහඔය සහ අත්තනගලුඔය යන ගංගාවල ජල මට්ටම් ද තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.