Thursday, March 28, 2024

General line - 0115112241

රුසියානු ක‍්‍රීඩිකාවක් ඔලිම්පික් උණුසුම් කරයි




මීටර් 100 කාන්තා ලයආර පිහිණුම් ඉසව්වේ රිදී පදක්කම දිනාගත් රුසියාවේ යූලියා ඉෆිමෝවා සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා දැඩි කථාබහක් මතුව තිබෙනවා.

ඒ, ඇය තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වූ චෝදනාවෙන් නිදහස් වී සහභාගී වූ පළමු තරගය මෙය වීම හේතුවෙන්.

තහනම් උත්තේජක චෝදනාව හේතුවෙන් ඇයට මාස 16 ක කාලයක් තරග තහනමක් පනවා තිබුණා. ඔලිම්පික් තරග බිමේ අවසන් මහා තරගයේදී ඇය පරාජයට පත්වූයේ ඇමෙරිකානු පිහිණුම් ශූරියක වන ලිලී කින්ග් හටයි.

මේ අතර ඕස්ටේ‍්‍රලියා කාන්තා රග්බි කණ්ඩායම ඔලිම්පික් ඉතිහාසයේ පළමු වරට නවසීලන්තය පරාජයට පත් කරමින් රන් පදක්කම දිනාගත්තා. මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරන බ‍්‍රසීලය සිය පළමු රන් පදක්කම ඊයේ දිනාගත්තේ කිලෝ ග‍්‍රෑම් 57 කාන්තා ජූඩෝ ඉසව්වෙන්.

sw _90719994_lillykingandyuliaefimova