Tuesday, May 14, 2024

General line - 0115112241

සංචරණ නීති කඩකරන්නන් අත්අඩංගුවට ගන්න පොලීසියෙන් මෙහෙයුම් කිහිපයක්




බස්නාහිර පළාතේ සංචරණ සීමා කඩකරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් අද සහ හෙට සිදුකරන බව පොලීසිය පවසනවා. එහිදී නිසි අවසරයක් නොමැතිව ගමන් ගන්නා පුද්ගලයන් හා ධාවනය වන වාහනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම පළාතේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇත්තේ.

ඒ අනුව පළාත් මාර්ග බාධක සහ පොලිස් ස්ථාන මට්ටමින් යොදවා ඇති මාර්ග බාධක මෙන්ම මංසන්ධි රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන් එම විශේෂ මෙහෙයුම් සිදු කිරීමට නියමිතයි.

මේ අතර අද දිනයේ බස්නාහිර පළාතේ සෑම පොලිස් වසමකම යතුරුපැදි 02 ක් යොදාගනිමින් තවත් විශේෂ මෙහෙයුමක් සිදුකරන ලෙස බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම පළාතේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 10 යේ සිට දහවල් 12 දක්වාත් පස්වරු 03 නේ සිට පස්වරු 05 දක්වාත් එම මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇති. එහිදී සංචරණ සීමා කඩමින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටද පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා.