Wednesday, May 15, 2024

General line - 0115112241

ඉදිරි සතියේත් සහය දෙන්නැයි යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි




දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා කාලය දීර්ඝ කෙරුණද කෘෂිකාර්මික කටයුතුවල නිරතවන පිරිස් සදහා එම කටයුතුවල නිරත වීමට අවසර ලබා දී තිබෙනවා. සංචරණ සීමා කාලයේදී සිය කටයුතු කරගෙන යාමට අවසර ලැබෙන අනෙකුත් පිරිස සම්බන්ධයෙන් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස අදහස් පළ කළා.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා ලබන 21 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කෙරුනා. රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි සංචරණ සීමා කාලය එලෙස දීර්ඝ කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.