Tuesday, May 14, 2024

General line - 0115112241

පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරය ධීවරයන්ට කඩිනමින් විවෘත කරන්නැයි අගමැතිගෙන් උපදෙස්




ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් බලපෑමට ලක්වූ පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් ධීවර කටයුතු සඳහා විවෘත කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව පීඩාවටපත් එම ප්‍රදේශවල ධීවර ප්‍රජාවට ලබන සදුදා සිට ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ඒ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

රටවල් දෙකක් ප්‍රතික්ශේප කර තිබියදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට මෙරටට ඇතුල්විමට අවස්ථාව සලසා දිම සම්බන්ධයෙන් රජයට එල්ලවන චෝදනා පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අදාල බලධාරීන්ගේ විමසීමක් සිදු කළා. මේ ඊට පිළිතුරු ලබා දුන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා.

පරිසර, ධීවර, ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීමට හා නෞකාව එම ස්ථානයෙන් ඉවත්කරවා ගැනීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.