Wednesday, May 15, 2024

General line - 0115112241

පරිභෝගික අධිකාරියෙන් තවත් ගැසට් නිවේදනයක්




සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිගු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළදුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, සිය තොග පිළිබද ලේඛණ දින 7 ක් තුළ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත දැනුම් දිය යුතු බවට සඳහන් කරමින්.

කූඨ වෙළදුන්ගේ අක්‍රමිකතා වැළැක්වීම සදහා මෙම පියවර ගත් බවයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නෙත් නිවුස් වෙත පැවසුවේ.

නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව කටයුතු නොකරන පිරිස්වලට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.