Wednesday, May 15, 2024

General line - 0115112241

අලුත්වැඩියා කළ ඇන්ටනෝව් ගුවන් යානා 03ක් යලි දිවයිනට රැගෙන එයි




අලුත් වැඩියා කටයුතු සඳහා යුක්‍රේනය වෙත යැවූ ඇන්ටනෝ 32 වර්ගයේ ගුවන් යානා 03 යළි මෙරටට රැගෙනවිත් තිබෙනවා. ගුවන් හමුදාව මෙරට මානුෂීය මෙහෙයුම සඳහා යොදා ගත් එම ගුවන් යානා තුන 2014 වසරේදී භාවිතයෙන් ඉවත් කර තිබුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් එම ගුවන් යානා 03 අලුත් වැඩියා කටයුතු සඳහා යුක්‍රේනය වෙත යැවුනේ ගිය වසරේදීයි. කටුනායක ගුවන් හමුදා අංගණය වෙත රැගෙනවිත් තිබූ එම ගුවන් යානා නිරීක්ෂණය කළ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.