Wednesday, May 15, 2024

General line - 0115112241

උදය ගම්මන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි පොහොට්ටුවෙන් නිවේදනයක්




තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල ඝෘජුව වගකිවයුතු  බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් නිවේදනක් නිකුත් කරමින් සදහන් කරන්නේ මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන උදය ගම්මන්පිල අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව මත අතිරේක පීඩනයක් ඇති නොකළ යුතු බවත් තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය වෙනස් කළ යුතු බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. සිය පක්‍ෂයේ සහ එහි නායකයින් අප්‍රසාදයට පත් කිරීම සදහා මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට අමාත්‍යවරයා කටයුතු කරන්නේ දැයි සාධාරණ සැකයක් මතු වන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් නිකුත් කළ නිවේදනයේ සදහන්.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තෙල් මිල වැඩිකිරීමට අනුමැතිය ලබාදුන් බවයි.