Wednesday, May 15, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි




මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි අපේක්ෂා කල හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. 

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මීගමුව සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.