Wednesday, May 15, 2024

General line - 0115112241

දිනක් තුලදී නිරෝධායන රීති කඩ කළ වැඩිම පිරිස අත්අඩංගුවට




ලබන 21 වනදා තෙක් දිවයිනට පැනවූ සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි. ගත වූ පැය 24 දී නිරෝධායන රීති කඩකළ පුද්ගලයින් 1,353 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායන රීති කඩ කිරීමේ චෝදනා මත දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

මේ අතර ඊයේ දිනයේදී බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. එම විශේෂ මෙහෙයුම අද දිනයේද ක්‍රියාත්මක වනවා. කොළඹ නගරය ආශ්‍රිතව නිරෝධායන රීති උල්ලංඝනය කරමින් ගමන් කරනු ලබන වාහන සහ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මෙහි අරමුණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.