Tuesday, May 14, 2024

General line - 0115112241

ගෑස් මිල වැඩි කිරීම ගැන පෙරවරුවේ සාකච්ඡාවක්




ඉන්ධන මිල යළි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථාවක ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විරෝධතා එල්ල වුණා. ඒ අනුව ඉන්ධන මිල යළි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර ගෑස් මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඊට පත් කෙරුනු කැබිනට් අනුකාරක සභාවද අද රැස්වනවා. මෙම අනුකාරක සභාවට උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, ආචාර්ය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ඇතුලත්. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් පමණ වැඩි කරන ලෙස ගෑස් සමාගම් අදාල පාර්ශවවලින් මීට පෙර අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ රැස්වෙන කැබිනට් අනුකාරක සභාවේදී අවසන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ. මේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත.